ආපදාවෙන් හානි වූ ගොවීන්ට වෙන්කළ රු.මි. 3000න් රු.මි. 90ක් ගෙවා අවසන්
අපදාවෙන් හානිවූ වි ඇතුළු සියලු බෝග වගාවන් සඳහා පළමු වාරිකය ලෙස ගොවින්ට ලබාදිමට රජය විසින් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට මිලියන 3000 ක් ( බිලියන 3 ) ලබා දුන් බවත් සෙනසුරාදා වන විට ඉන් මිලියන 90 ක් පමණ ගෙවා තිබූ බවත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමාරච්චි මහතා පැවසිය.
අධ්යක්ෂ ජනරාල් වරයා මෙසේ පැවසුයේ ආපදා තත්වයන් හමුවේ ගොවින්ට රජය විසින් ලබාදෙන දිමනවා සම්බන්ධධවපැහැදිලි කිරිම සඳහා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේදි කැදවා තිබු මාධ්‍ය හමුවකදිය.
අපදාවට ලක්වු ගොවින් තමාට ලැබි ඇති අයදුම්පත් නිවරදිව පුරවා කේෂත්ර නිලධාරින්ට භාර දිමට කටයුතු කරන ලෙසද ඔහු ගොවින්ගෙන් ඉල්ලා සිටි.
ගොවින්ට වන්දි ලබා දිම සදහා එකම ක්‍රමවේදයක් දිවයිනා පුරාම ක්‍රියාත්මක වන බවත් වි වගාව, අතිරේක ආහාර භොග වගාව එළවලු පළතුරු සදහා හානිවු බිම අපදාවට ලක්වෙච්ච කේෂත්ර ඵල සදහා ලබාදෙන අතර මෙය දිරි දිමනාවක් ලෙස ගොවින්ට ලබාදෙන්නේ ගොවියන් ගොවි ප්‍රජාව නැවත වගාවට දිරිමත් කිරිම සදහා බවද අධ්යක්ෂ ජනරාල් වරයා පැවසිය.
දිරි දිමනාව ලබා දිම සදහා කේෂත්ර වල රාජකාරි කරන නිලධාරින්ගෙන් හානිය සම්බන්දව විස්තර අයදුම්පතක පුරවා ප්‍රධාන කාර්යාලයට ලැබුනු පසු ඊයේ සහ අද දින නිවාඩු දිනයක් වුවත් මෙම දිරි දිමනාව ගොවින්ට ලබා දිම සදහා නිලධාරින් නිවාඩු දින දෙකේදිම යුහුසුලුව රාජකාරියේ යෙදි සිටින බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමාරච්චි මහතා පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

